සමාන නම් ඇති අඹ යහළුවන් දෙදෙනෙකි. එක් අයකු රෂාන්ය. අනෙක් කෙනා රෂාන්තය.රෂාන් සහ රෂාන්ත එකම විශ්ව විද්‍යාලයක උසස් අධ්‍යාපනය හදාරති. රෂාන්ගේ නම කෙටි කොට මිතුරන් සියල්ල ඔහුට අමතන්නේ රෂ් නමිනි. රෂාන්ත ඉබේම ෂාන් බවට පත් විය. රෂ් සහ ෂාන් විටෙක සහෝදරයින් වැනිය. මුදල් යහමින් ඇති කීර්තිමත් ව්‍යාපාරිකයකු වූ සුනිල් විජේමාන්න රෂ්ගේ පියාය. ෂාන්ට එතරම් වත් පොහොසත්කම ඇත්තෙකු නොවේ. එහෙයින් රෂ්, ෂාන්ට නිතර නිතර උදවු පදවු කරයි. සංගීතයට උපන් හපන් ෂාන්ට සංගීත ශිෂ්‍යත්වයක් සඳහා පැවැත්වෙන සංගීත පරීක්ෂණයක් වෙනුවෙන් නුවර යන්නට සිදු වෙයි. රෂ් තම සෙසු සගයන් ද සමඟ එයට එක් වෙති. එහිදී රෂ්ට පූජා නමැති සුරූපී තරුණියක මුණ ගැසෙයි. එහෙත් එම හමු වීම තත්ත්පර ගණනකට සීමා වෙයි. තමනට අවශ්‍ය දේ කෙසේ හෝ ලබා ගන්නා කෙනෙකු වන රෂ් පහුවදා ෂාන් ඇතුළු පිරිස සංගීත පරීක්ෂණය සඳහා පිටත්ව යද්දී රෂ් ඇය සොයා යයි. පරීක්ෂණයට යන අතරතුරදී ෂාන්ට අනතුරකට පත් වූ තරුණියක මුණ ගැසෙයි. ඒ පූජාය. සංගීත පරීක්ෂණය අතරමඟ නවතා දමා ෂාන් පූජාව රෝහල් ගතකොට ජීවිතය බේරා ගැනීමට තමන්ගේ රුධිරය ද පරිත්‍යාග කරයි. රෂ් මේ කිසිවක් දන්නේ නැත. සියල්ල බලාපොරොත්තු අතැර ගනිමින් හෙතෙම කොළඹ එයි. පූජාට ෂාන්ට කතා කිරීමට අවශ්‍ය වෙයි. ඇය ලබාදෙන දුරකතනයට අමතන්නේ රෂ්ය. නුවර ගමනේදී ෂාන්ගේ දුරකතනය අස්ථානගත වූ බැවින් රෝහලට ෂාන් ලබා දී ඇත්තේ රෂ්ගේ දුරකතන අංකයයි. පූජා ෂාන්ව බැලීමට කොළඹ පැමිණීමට අපේක්ෂා කරයි. රෂ් සහ ෂාන් ඇයව කැටුව ඒමට දුම්රියපොළට යයි. අතරමගදී ෂාන්ට ආපසු එන්නට සිදු වන්නේ පියාගේ අසනීපය හේතුවෙනි. රෂ් තනිවම දුම්රියපොළට එයි. එහිදී රෂ් පුදුමයට පත් වන්නේ ෂාන් හමුවීමට එන යුවතිය දුටු විටය. හොඳින් හෝ නරකින් ජයගන්නා රෂ් එතැන් පටන් හැසිරෙන්නේ කෙසේද? රෂ් සිනමාපටය ගෙන එන්නේ එයයි.